හිමිදිරි උදෑසනක් කොලොම් තොටින් නික්මෙන්නට අප ගමන් ගන්නා දුම්රියට අවසර ලැබුණා ඒ සමගම ුම්රිය ප්‍රධාන නියාමක මහතාගේ නලා හඬත් සමග දුම්රිය කෙමෙන් කෙමෙන් ඉදිරියට ධාවනය වුණා. හුරුපුරුදු කලබලකාරී නාගරික පරිසරයෙන් මිදී කෙමෙන් දුම්රිය ොළ පැහැයෙන් වසාගත් ගම්බද ප්‍රදේශ බලා ළඟා වන්නට වුණා.